Posts

NVQ (RPL) කියන්නේ මොකක්ද?

Image
NVQ (RPL) කියන්නේ,  ඔබේ නිපුණ තාවයට ජාතික මට්ටමේ පිළිගැණීමක් ඇති ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහතිකයක් පිරිනැමීමයි. ඉතින් ඔයාට හැකියාව තියෙනවවම් වාඩ පෙන්නල ගොඩයන්න දීපු අවස්ථථාවක් තමා මේ තියෙන්නේ. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරුද්ද පමණක් අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතිකයක් බැවින් විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ. මෙමගින් ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම් දක්වා යා හැකි බැවින් ඔබට අභිමානයෙන් යුතුව වෘත්තීය මග සැළසුම් කරගත හැක. ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය නම් කරන පුහුණු මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවය/හැකියාව සහතික කරවා ගත හැක. වැඩි විස්තර මේ  ඉල්ලුම් පත්‍රයේ  පහතින් දාලාතියෙනවා හොඳින් කියවල තේරුම්ගන්න පුුුුළුවන් විදියට!  ඉතින් හරියට පැහැදිලිව  ඉල්ලුම් පත්‍රය  පුරවල කියල තියෙන විදියට වැඩේකරල ගොඩ යන්න! RPL Application form

NVQ level 3 = O/L ද? NVQ level 4 = A/L ද?

Image
 මේ තියෙන්නෙ ගොඩ දෙනෙකුට තවත් ප්‍රශ්නයක් වෙච්ච චක්‍රලේඛයෙක්! ගොඩක් අය අහනවා  NVQ level 3 = O/L ද? NVQ level 4 = A/L ද?  කියලා. මේ තියෙන්නෙ ඒකට උත්තරය 28/2016 චක්‍රලේඛය! නොතේරෙන දෙයක් තියෙනවනම් තේරුම් කරන්නම්!! සිංහල පිටපත English copy

කොහොමද තමන් හොද NVQ පාඨමාලාවක් තෝරගන්නෙ?

Image
  මේක කාටවත් බාරදෙන්න හොද නෑ මොකද තමන් කැමති field එකක් තමා තෝරගන්න ඕනේ. ඒකට තමන්ගෙ කැමැත්ත මිසක් එහාගෙදර කෙනා දියුනු උන විදියවත්, හොදම යාලුවට හරි ගිය විදියවත්, පාසලේ පන්තියෙ සර් කිව්ව විදියවත් තෝරගන්න ගියොත් ඔයා අනාතයි! මොකද " ඔයා එයා නෙවෙයි ! ඔයා ඔයාමයි!" ඉතිංඑහෙනන් කොහොමද තෝරගන්නෙ? මේ එක ක්‍රමයක්. ඔයා ආසාවෙන් කරන්න කැමති රැකියා ලිස්ට් එකක් හදන්න! ඊට පස්සෙ ඒ රැකියා පුරප්පාඩු අන්තර්ජාලයේ සොයන්න!  ඊට පස්සෙ තීරනය කරන්න. එ  තියෙන වැටුප ප්‍රමානවත් ද? ප්‍රමානවත් නම් ඒ ඉල්ලලා තියෙන සුදුසුකම මොනාද ? ( මෙතනදි දැනගන්න පුලුවන් පහසුවෙන්ම job market එක කොහොමද? ජොබ් එක ලොකුවට තිබ්බට පඩිය කොහොමද වගේ දේවල්) ඒ විදියට තමන් කැමති ඉහලම තනතුරේ ඉදන් පහලම තනතුරට පොඩ්ඩක් මහන්සිවෙලා ගවේෂණයක් කරන්න! අන්තිමෙදි තමන් තෘප්තිමත් වෙන තැනදි නැවතිල, අදාල සුදුසුකම සම්පුර්ණ කරගන්න ඕන පාඨමාලව තෝරගන්න!  රැකියා හා සුදුසුකම දැනගන්න මේ ලින්ක් දෙක පාවිච්චි කරල බලන්න! www.topjobs.lk www.job.govdoc.lk/new-job දෙවෙනි ක්‍රමය, ඔයා ආස කරන field එකක් තියෙනවනම්!  ඒ field එකට අදාල course  බලන්න. ඒ පාඨමාලාවට අදාල සුදුසුකම එත

මොකද්ද මේ NVQ LEVELs?

Image
 මොකද්ද මේ  LEVELs NVQ සුදුසුකම මට්ටම් කීපයක් තියෙනවා! Level 01, 02, 03... 07 දක්වා. මේ විදියට මට්ටම් වලට වෙන් කරල තියෙන්නේ ඒ ඒ පාඨමාලාවල අන්ලර්ගතය, සංකීර්ණත්වය, විෂය පඨය හා සම්මතයන් අනුවයි. මේවා මේ විදියටත් අර්ත දක්වනව Level 1- ආරම්භක / මූලික හැකියාව  Level 2- පුරුදු කාර්‍යන් කිරීම Level 03- නුපුරුදු කාර්‍යන් කිරීම Level 04- ස්වාධීනව කටයුතු කිරීම  Level 05- අධීක්ෂණය  Level 06- කලමනාකරණය  Level 07 - සැලසුම් කරනය හා නිර්මාණකරනය තවත් විඩියකටත් අර්ත දක්වනවා! Level 01, 02, 03, 04 - Certificate  Level 05- Diploma  Level 06- Higher National Diploma Level 07- Degree ඉතිං කොහොම හරි ඔන්න ඕව තමා මට්ටම් කියන්නෙ!

මොකද්ද මේ NVQ කියන්නෙ?

Image
National  Vocational Qualification ( ජාතික වෘත්තීය සුදුසුකම ) සිංහල තේරුම් ගන්න පුලුවන්නම් ඔය වචන තුන හරියටම තේරුම බැලුවාම උනත් පහසුවෙන් තේරුම්ගන්න පුලුවන් මේ කියන්නෙ රටේම පිලිගන්න, වෘත්තීය සුදුසුකමක් කියන එක! NVQ එක්ක නිතරම ඇහෙන මේ TVEC කියන්නෙ මොකක්ද? ඉතින් රටම පිලිගන්න සුදුසුකමක් නිසා,  ඒකට රටම පිලිගන්න සම්මත රාමුවකට යටත් , ක්‍රමවේදයක් , සම්මතයක්, විශය නිර්දේශයක් අවශ්‍ය වෙනව. අන්න ඒ සම්මතයන් එහෙමත් නැත්නම් NCS (National Compitency standard ) නිර්මාණය කරල, ඒව හරියට වෙනවද, ඒවා අනුගමනය කරනවද, කියල බලලා අනුව විභාගය පවත්වල නිපුනතාවය ඇගයීමට ලක් කරල NVQ සහතිකය නිකුත් කරන ආයතනය තමයි TVEC (Tertiary and Vocational Education Commision) එහෙමත් නැත්නම් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව! නිපුනතා සම්මතයට අදාල පාඨමාලාවල අන්තර්ගත unite මෙතනින්  බලාගන්න! ඉතින් ඔයාල ඔය දන්න NVQ දෙනව කියන හැම රජයේ හෝ පුද්ගලික ආයතනයක්ම මේ TVEC යටතේ ලියාපදිංචිය ලබල තියෙන්න ඕනේ! එහෙම නැත්නම් එයාලට NVQ සහතික නිකුත් කරන්න බෑ! හරියට අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ තියෙන පාසලක්නෙවෙයිනම් එයාලට අ පො ස සාමාන්‍ය පෙල හෝ උසස්ප