කොහොමද තමන් හොද NVQ පාඨමාලාවක් තෝරගන්නෙ?

 



මේක කාටවත් බාරදෙන්න හොද නෑ මොකද තමන් කැමති field එකක් තමා තෝරගන්න ඕනේ. ඒකට තමන්ගෙ කැමැත්ත මිසක් එහාගෙදර කෙනා දියුනු උන විදියවත්, හොදම යාලුවට හරි ගිය විදියවත්, පාසලේ පන්තියෙ සර් කිව්ව විදියවත් තෝරගන්න ගියොත් ඔයා අනාතයි!

මොකද " ඔයා එයා නෙවෙයි ! ඔයා ඔයාමයි!"

ඉතිංඑහෙනන් කොහොමද තෝරගන්නෙ?

මේ එක ක්‍රමයක්.

ඔයා ආසාවෙන් කරන්න කැමති රැකියා ලිස්ට් එකක් හදන්න!

ඊට පස්සෙ ඒ රැකියා පුරප්පාඩු අන්තර්ජාලයේ සොයන්න! 

ඊට පස්සෙ තීරනය කරන්න. එ 

තියෙන වැටුප ප්‍රමානවත් ද?

ප්‍රමානවත් නම් ඒ ඉල්ලලා තියෙන සුදුසුකම මොනාද ?

( මෙතනදි දැනගන්න පුලුවන් පහසුවෙන්ම job market එක කොහොමද? ජොබ් එක ලොකුවට තිබ්බට පඩිය කොහොමද වගේ දේවල්)

ඒ විදියට තමන් කැමති ඉහලම තනතුරේ ඉදන් පහලම තනතුරට පොඩ්ඩක් මහන්සිවෙලා ගවේෂණයක් කරන්න!

අන්තිමෙදි තමන් තෘප්තිමත් වෙන තැනදි නැවතිල, අදාල සුදුසුකම සම්පුර්ණ කරගන්න ඕන පාඨමාලව තෝරගන්න! 

රැකියා හා සුදුසුකම දැනගන්න මේ ලින්ක් දෙක පාවිච්චි කරල බලන්න!

www.topjobs.lk

www.job.govdoc.lk/new-job

දෙවෙනි ක්‍රමය,

ඔයා ආස කරන field එකක් තියෙනවනම්! 

ඒ field එකට අදාල course  බලන්න. ඒ පාඨමාලාවට අදාල සුදුසුකම එතනින්ම බලල ඉල්ලුම් කරන්න!

(එතකොට ඉතින් හොදම දේ. කලින් ඒ පාඨමාලාව කරපු අය ගැන හොයලා බලන එක)

මේ ලින්ක් එක ඒකට උදවු  වේවි!

http://vtasl.gov.lk/program/program-details/

තුන්වන ක්‍රමය!

තමන් කාගෙන් හරි අහගත්ත! තමන්ට ගැලපෙනව කියල හිතෙන පාඨමාලාවක් කරන එක! 

එහෙම පාඨමාලාව දන්නවනම් උඩ ලින්ක් එකෙන් හෝ පහතින් දාන ලින්ක් එකෙන් පාඨමාලාව හා ලගම ආයතනය තෝරගන්න!

http://www.nvq.gov.lk/.../Insreg_Institute_Select_Search...

මෙතන තියෙනවා. තමන්ගෙ දිස්ත්‍රික්කයේ තියෙන සියලුම NVQ පාඨමාලා හා අදාල ආයතන පිලිබද විස්තර!

** විශේෂයෙන්ම කියන්න ඕනෙ තමන් කැමතිදෙයට මුල් තැන දෙන්න. මොකද ඔයා මේ කරන්නෙ නිකම්ම පාඨමාලාවක් නෙවෙයි . ඔයාගෙ ජීවිතේ අවසානය දක්වා ඔයාගේම කොටසක් විදියට හිතන්න. 

හරියට ඔයා කන කෑම එක වගේ තමයි! හැමදාම කන්නෙ ඔයා ආස කරන දෙයක් නම්, ඔයා සතුටින් !  ගුනයි උනත් ඔයා හැමදාම කන්නෙ ආස නැති දෙයක් නම්! සතුටක් නෑ ඉතිං!

හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ. හැමෝම දන්න දේවල් වලින් අනිත් අය දැනුවත් කරන්න. 

ගොඩක් අය උඩින් පල්ලෙන් පාඨමාලාව කරල ජොබ් නෑකිය කිය ගෙදර ඉන්නව!, 

තවත් අය තමන්ගෙ ජොබ් එකට කෙලවෙයි කියල ඒක හරි නෑ අපරාදෙ කරේ කිය කිය ඉන්නවා!

තමන් හරියට කලොත්! තමන් ගොඩ! අද්දැකීමෙන් කියන්නෙ!

ලංකාවෙ අද වෙනකොට රැකියා ඉල්ලුමට හරියන්න සේවකයො නෑ!

අරයගෙන් මෙයාගෙන් එයා කොහොමද මෙයා කොහොමද කියලා අහන්නෙ නැතිව, මන් මෙහෙමයි කියල තමන්ම සතුටුවෙන තැනට එන්න! හැමෝටම පුලුවන්!

තව පොඩි දෙයක් කියන්නම්! 

Uncommon දෙයක් කරන්න බලන්න! මොකද එතකොට vacancy වලට තරගයක් නෑ!

එහෙනම් හැමෝටම ජයවේවා!

(මේ මගේ අදහස. උඩ ලින්ක් වලට ගියාම වටේට වැටෙන ඇඩ් වලට වවකියනු නොලැබේ)

ඕන දෙයක්  අහන්න! දන්න දෙයක් කියල දෙන්නම්!

0702232068

Comments

වැඩිම නුරඹුම්

NVQ (RPL) කියන්නේ මොකක්ද?

මොකද්ද මේ NVQ කියන්නෙ?