මොකද්ද මේ NVQ කියන්නෙ?


National  Vocational Qualification ( ජාතික වෘත්තීය සුදුසුකම )

සිංහල තේරුම් ගන්න පුලුවන්නම් ඔය වචන තුන හරියටම තේරුම බැලුවාම උනත් පහසුවෙන් තේරුම්ගන්න පුලුවන් මේ කියන්නෙ රටේම පිලිගන්න, වෘත්තීය සුදුසුකමක් කියන එක!

NVQ එක්ක නිතරම ඇහෙන මේ TVEC කියන්නෙ මොකක්ද?

ඉතින් රටම පිලිගන්න සුදුසුකමක් නිසා, 

ඒකට රටම පිලිගන්න සම්මත රාමුවකට යටත් , ක්‍රමවේදයක් , සම්මතයක්, විශය නිර්දේශයක් අවශ්‍ය වෙනව. අන්න ඒ සම්මතයන් එහෙමත් නැත්නම් NCS (National Compitency standard ) නිර්මාණය කරල, ඒව හරියට වෙනවද, ඒවා අනුගමනය කරනවද, කියල බලලා අනුව විභාගය පවත්වල නිපුනතාවය ඇගයීමට ලක් කරල NVQ සහතිකය නිකුත් කරන ආයතනය තමයි TVEC (Tertiary and Vocational Education Commision) එහෙමත් නැත්නම් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව!


නිපුනතා සම්මතයට අදාල පාඨමාලාවල අන්තර්ගත unite මෙතනින් බලාගන්න!


ඉතින් ඔයාල ඔය දන්න NVQ දෙනව කියන හැම රජයේ හෝ පුද්ගලික ආයතනයක්ම මේ TVEC යටතේ ලියාපදිංචිය ලබල තියෙන්න ඕනේ! එහෙම නැත්නම් එයාලට NVQ සහතික නිකුත් කරන්න බෑ!

හරියට අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ තියෙන පාසලක්නෙවෙයිනම් එයාලට අ පො ස සාමාන්‍ය පෙල හෝ උසස්පෙල ලියන්න බෑ වගේ තමා!

කෙනෙක් privet ලිව්වත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා තමා ලියන්න වෙන්නේ. 

හරි දැන් TVEC ගැනත් දන්නව ඔයාලා!

Comments

වැඩිම නුරඹුම්

NVQ (RPL) කියන්නේ මොකක්ද?

කොහොමද තමන් හොද NVQ පාඨමාලාවක් තෝරගන්නෙ?